May 04, 2024

ලංගම කොටඋඩ! පඩිත් නෑ

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය 2020 වර්ෂයේදි රුපියල් මිලියන 2331ක අලාභයක් වාර්තා කර තිබෙනවා.

ඒ බව ශ්‍රි ලංකා මහ බැංකුව මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති මහ බැංකු වාර්තාවේ සදහන් වෙනවා.

2020 වර්ෂයේදි ශ්‍රි ලංගමයේ සමස්ත ආදායම රුපියල් මිලියන31.233 දක්වා පහල ගොස් ඇති බවද එම වාර්තාවේ සදහන් වනවා.

එම වර්ෂයේ ශ්‍රි ලංගමයේ වියදම රුපියල් මිලියන 33.565ක්. කෙසේවුවද 2019 වර්ෂයේ දි ශ්‍රි ලංගමය රුපියල් මිලියන 1.557ක ලාභයක් වාර්තා කොට තිබු අතර එම වර්ෂයේ ආදායම රුපියල් මිලියන 43,490ක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

සමස්ත වියදම රුපියල් මිලියන 41,933ක්. එමෙන්ම 2020 වර්ෂයේ දි ශ්‍රි ලංගම බස්රථවල මුළු ධාවන කිලෝමිටර් ගණන හා මගි කිලෝමිටර් ගණන පිළිවෙළින් සියයට 28.4ක හා සියයට 32.2ක පහළයාමක් වාර්තා කොට ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන්.

මේ අතර ශ්‍රිලංගම මගින් 2019 වර්ෂයේ දි ධාවනය වු බස්රථ සංඛ්‍යාව 5048ක් වු අතර2020 වර්ෂය තුල එම සංඛ්‍යාව 4045 දක්වා පහළ ගොස් තිබෙනවා.

සේවක වැටුප් නෑ

ප්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කොවිඩ් තුන්වැනි රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම් මුළුමනින්ම කඩා වැටීම මත එම මණ්ඩලයේ සේවකයින්ගේ මාසික වැටුප් ගෙවීම ඉදිරි මාස කිහිපයේදී තීරණාත්මක වනු ඇති බවයි.

රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සේවාවල හැර සෙසු කිසිදු සේවාවක් වෙනුවෙන් බස් රථ ධාවනය නොකිරීමත් එම මණ්ඩලයට හිමිවිය යුතු ආදායම් මුළුමනින්ම කඩාවැටී තිබීමත් මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වනවා.

මගී ප්‍රවාහන සේවාවලින් මෙන්ම අමතර සේවාවලින් ලැබෙන ආදායම් සහ සිසුසැරිය හා ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතනවල සේවකයින් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් රජයෙන් ලැබෙන මුදල් මත ලංගම ආදායම තීරණය වනවා.

විසි අටදහස් පන්සියයක් වන ලංගම සේවකයින්ගේ වැටුප් ගෙවන්නේ එම ආදායම මත ය.

අයවැයෙන් ප්‍රතිපාදන ලැබෙන්නේ නම් සේවක වැටුප් ගෙවිය හැකි නමුත් ඒ පිළිබද මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති බවයි වාර්තා වෙන්නේ.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් ලංගම දෛනික ආදායම මිලියන අසූවේ සිට මිලියන විස්සකට වැටී තිබෙනවා.

මින් වැටුප් ගෙවීම අසීරු තත්ත්වයක පැවතියත් කෙසේ හෝ සේවකයින්ගේ වැටුප් නිසි පරිදි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 22:34