May 18, 2024

'ඒසී' හෙළිකොප්ටර් ලබන සතියේ සිට ගුවන් ගත වෙයි  

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගමන් සඳහා යොදාගත හැකි ලෙස වායුසමීකරණ පහසුකම් සහිත හෙළිකොප්ටර් කුලී සේවාවක්‌ ලබන සති අන්තයේ සිට ආරම්භ කිරීමට පෞද්ගලික ආයතනයකට අවසර ලබා දී තිබේ.

මෙම හෙළිකොප්ටර් සේවාව සීමාසහිත අයි.ඩබ්ලිව්. එස්‌. ඒවියේෂන් පුද්ගලික සමාගම විසින් ආරම්භ කරන අතර ඒ සඳහා ජෙට්‌ රේන්ජර් වර්ගයේ හෙළිකොප්ටර් යානයක්‌ දැනට ඒ සඳහා යොදවන බව එම සමාගමේ සභාපති අයි. ඩබ්ලිව්. සේනානායක මහතා පැවසී ය.

එක්‌ වාරයකදී මගීන් හතර දෙනකුට සංචාරය කළහැකි මෙම හෙළිකොප්ටරය පරිසර සංචාර, නගර සංචාර, විශේෂ විනෝද චාරිකා, ගුවන් සමීක්‍ෂණ, ගුවන් ඡායාරූප හෝ වෙනත් පටිගතකිරීම්, මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ප්‍රවාහන පහසුකම්, ක්‍රීඩා සහ ප්‍රවෘත්ති ආවරණ කටයුතු සඳහා වෙන්කරවා ගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රත්මලාන ගුවන් තොටුපලේ මෙහෙයුම් මධ්‍යස්‌ථානය මගින් මෙම හෙලිකොප්ටර් කුලී සේවාවේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

Rate this item
(0 votes)