May 18, 2024

මිල්කෝ සමාගම කොළඹින් පිටමන් කරයි

කොළඹ, නාරාහේන්පිට පිහිටි මිල්කෝ (පුද්ගලික) සමාගමේ කිරි කර්මාන්තශාලාව බඩල්ගම පිහිටි ස්ථානයකට ගෙන යාමට රජය තීරණය කර තිබේ.

කොළඹ අවට පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නාරහේන්පිට පිහිටා ඇති මිල්කෝ කර්මාන්ශාලාව හඳුනාගත් බඩල්ගම පිහිටි ස්ථානයක ප‍්‍රතිස්ථානගත කිරීමට තීරණය කර ඇති බව රජය සඳහන් කරයි.

එම අදාළ කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි කරගෙන යාමට පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 October 2014 09:12