May 18, 2024

ජනවාරියේදී සියලු ගුරු ගැටලු අවසන් 

ගුරුවරුන්ගේ උසස් වීම් සහ ඊට අනුරූපීව වැටුප් වර්ධක ලබාදීම සඳහා සකස් කරන ලද ගුරු සේවා ව්‍යවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) අලව්ව, හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පවරා දීමේ උත්සවයට එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් සභා යටතේ සේවය කරන සියලු ම ගුරුවරුන්ට හිමි උසස්වීම් සහ වැටුප් වර්ධක මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්හට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ උසස් වීම් කඩිනමින් ලබා දෙන ලෙස කියා සිටි බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා විදුහල්පති සහ ගුරු සේවයේ සියලු ගැටලු ලබන ජනවාරි මස වන විට විසඳන බව ද හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)