May 18, 2024

“හුඩ්හුඩ්” ඉන්දියාවට ලංවෙයි - මුහුදු සුළං වැඩිවෙයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “හුඩ්හුඩ්” චණ්ඩ සුළිකුණාටුව මේ වනවිට ඉතා චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී යාපනය සිට කිලෝ මීටර් 900ක් පමණ ඊසාන දෙසින් ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑම නිසා දිවයින හරහා (විශේෂයෙන් උතුරු ප්‍රදේශවල) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව පවතී.

අද (11) උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා  හැකි බව සඳහන් කර ඇත.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව එම වාර්තාවේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.

Rate this item
(0 votes)