May 18, 2024

විශ්‍රාමිකයන්ගේ ලක්ෂ 63ක් නිලධාරියාගේ බැංකු ගිණුමේ 

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශ‍්‍රාම වැටුප් නිලධාරි ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විශ්‍රාම වැටුප් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පිළිමතලාව ප‍්‍රදේශයේ පදිංචි නීල් සුජීව ජයසිංහ නැමැති පුද්ගලයෙකු බව හෙළි වී ඇත. 

ඒ අනුව ඔහු විසින් විශ‍්‍රාමිකයන්ගේ වැටුප් මුදල්වලින් රුපියල් හැටතුන් ලක්‍ෂ අසූහත් දහසක මුදලක් තමාගේ පෞද්ගලික ගිණුමට බැර කර ගෙන ඇති බවට අනාවරණය වී ඇත. 

එම මුදල් සැකකරුගේ පුද්ගලික ගිණුමේ තිබී සොයා ගත් බවත් පොලිසිය පැවසී ය.

 

Rate this item
(0 votes)