May 18, 2024

පිටසක්වල ජීවින් හමුවීමට යන 13 හැවිරිදි දැරිය (VIDEO)

 

පිටසක්වල ජීවීන් ඇති බවට සැක කෙරෙන අඟහරු ග්‍රහයා මත පය තැබීමට බලාපොරොත්තුවෙන් Alyssa Carson නම් 13 හැවිරිදි දැරියක්  මේ වන විටත් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වේ.

Louisiana හි Baton Rouge ප්‍රදේශයේ වාසය කරන ඇය මේ වන විට ඇගේ ඉදිරි අනාගතයේ වසර 20කටත් එහා සැලැස්මක් සාදා ගෙන ඇති බවයි ඇගේ පියා වැඩි දුරටත් පවසා ඇත.

ඇලීසා කාර්සන්ගේ එකම බලාපොරොත්තුව අඟහරු ග්‍රහයා වෙත යාම බවයි ඇය පවසන අතර මේ සිහිනය සැබෑ කරගන්නට නාසා ආයතනය ඇයට සහාය වීමට තීරණය කර ඇත.

මේ වන විට ඇය ඇගේ අඟහරු මෙහෙයුම සඳහා පුහුණුවීම් වල නිරත වෙමින් සිටින අ/ර විද්‍යා විෂයයන්ට අමතරව ඇය මේ වන විට විවිධ භාෂා කිහිපයක්මත් හදාරන බවත් වාර්තාවේ.

ඇලීසා මේ වන විට නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යවකාශ කඳවුරු තුනටම සහභාගී වූ ප්‍රථම පුද්ගලයා වන අතර ඒ ඇයට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ අය අමතන්නේ “Blueberry” ලෙසයි.

Rate this item
(2 votes)