May 18, 2024

ඥානසාර හිමිගෙන් නැවතත් වීසා ඉල්ලුම්පත්‍රයක්!

මීට මාස කීපයකට ඉහත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ වීසා ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කළ අතර උන් වහන්සේ විසින් නැවතත් ඕස්ට්‍රේලියාවට යාම සඳහා අලුත් වීසා ඉල්ලුම් පත්‍රයක් පසුගියදා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කර ඇත.

ලබන නොවැම්බර් මස 08වන දා සිට ඕස්ට්‍රේලියාවේ පර්ත්, සිඩ්නි සහ මෙල්බර්න් නගරවල ධර්ම ප්‍රචාරක රැස්වීම් ඇමතීම උන් වහන්සේගේ අරමුණ බැව් එම ඉල්ලුම්පතේ දක්වා ඇත. උන් වහන්සේට ඕස්ට්‍රේලියාව කරා වැඩමවන ලෙස ආරාධනා කොට ඇත්තේ‘පර්ත් බුඩිස්ට් ඇසෝසියේෂන්' නැමැති ශ්‍රී ලාංකික සංවිධානයකි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෙම සංචාරය සඳහාශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය විසින් රෙකමදාරු ලිපියක් ලබාදී ඇතත් එය අවසාන මොහොතේ නීතිඥ උපදෙස් පිට වීසා ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ ලියකියවිලිවලින් ඉවත් කොට ඇත.

 

Rate this item
(0 votes)