May 18, 2024

ජනපතිගේ උතුරු ගමනට කිසිවෙක් නැහැ - උතුරු මහ ඇමති කියයි

ජනාධිපතිවරයා උතුරේ සංචාරය කරණු ලබන අවස්ථාවේදී සිදුවන කිසිදු උත්සවයකට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු හෝ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහභාගි නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලිපියක් මගින් ජනාධිපතිවරයාට අද දැනුම් දී තිබේ.

මෙවැනි ලිපියක් යැවීමට හේතුව විස්තර කරණ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කොට ඇත්තේ ජනාධිපතිවරයා උතුරට පැමිණ පවත්වන උත්සවවලින් වීරසිංහම් ශාලාවේදී පැවැත්වෙන එක් උත්සවයකට පමණක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාටත් සභාපතිවරයටත් පමණක් ආරාධනය කිරීම බරපතල වරදක් බවයි.

ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සමග ඉතා සමීපව කටයුතු කරණ  බවට ප්‍රකාශ නිකුත් කරණු ලැබූවද උතුරු පළාත් සභාව විසින් ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටින ලද කිසිදු ඉල්ලීමක් මෙතෙක් ඉටු නොකළ බැවින් ජනාධිපතිවරයා සමග උත්සවවලට පමණක් සහභාගිවීම කිසිදු පලයක් නොමැති තත්ත්වයක් යැයිද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් සදහන් කොට තිබේ.


දිනසේන රතුගමගේ - වවුනියාව

Rate this item
(0 votes)
Last modified on Friday, 10 October 2014 17:25