May 18, 2024

සමන්තගේ බිරිදට ශෂීන්ද්‍රගෙන් තිළිණක්

බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්වයෙන් සමත් වූ හා වැඩිම ලකුණු ලබාගත් සිසු දරු දැරියන්ට තිළිණ හා සහතික පත් ලබා දීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ සිදු කෙරිණි.  

එහිදී 2014 ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ 04 වන ස්ථානය හා ඌව පළාතෙන් 01 වන ස්ථානය ලබාගත් ඩබ්ලිව්.ඊ.පී දිල්නි තිසාරා සිසුවිය ඇතුළු සිසු දරු දැරියන් 200ක් ශිෂ්‍යත්ව අභිමානී නමින් ඇගයීමට ලක් විය. 

දිල්නි තිසාරා සිසුවියට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස විශේෂ මුදල් ත්‍යාගයක්ද ලබා දුන් අතර දරුවන්ගේ ප්‍රතිඵල වෙනුවෙන් වෙහෙස වූ ගුරු මණ්ඩලයටද ප්‍රධාන අමාත්‍යවරයා විසින් තිළිණ ලබා දෙන ලදී. 

තිළිණ ලද ගුරු මහත්ම මහත්මීන් අතර ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගේ බිරිඳ වන පී.ජී ඥාණතිලකා මහත්මියද ඇතුලත් වීම කාගේත් අවධානයට ලක් විය.

 

Rate this item
(0 votes)