May 18, 2024

නුවරඑළිය - හැටන් මාර්ගය පස් කන්දක් නිසා වසා දමයි 

නුවරඑළිය - හැටන් ප‍්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

නුවරඑළිය - හැටන් ප‍්‍රධාන මාර්ගයේ නානුඔය බංගලා 7 ප‍්‍රදේශයේදී අද (10) පස්වරු 2 ට යලිත් පස් කන්ඳක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද පස්වරු 2 සිට ඇනහිට ඇති බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය. 

කඩා වැටුණු පස් ඉවත් කිරීමට මේවනවිට කටයුතු කර ඇති බවත් පැයක පමණ කාලයක් මෙම මාර්ඟයේ ගමනාගමන කටයුතු නතරවී ඇති බවත් දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

හැටන් - රංජිත් රාජපක්ෂ  

 

 

Rate this item
(0 votes)