May 18, 2024

දුම්රිය වර්ජනය අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

අධිකරණය විසින් ලබාදුන් බව කියන තීන්දුවක් පිළිබඳ තමන් තාමත් දැනුවත්ව නොමැති බවත් දැනට වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවසී ය.

පසුගිය 08 වැනි දා මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් වැටුප් විෂමතා මුල් කර ගනිමින් ආරම්භ කර ඇති වර්ජනය නිසා මේවන විට දුම්රිය මගී ජනතාව පීඩාවට පත්ව සිටී. 

 

Rate this item
(0 votes)