May 18, 2024

මව නිසා 'කිරි දරුවාත්' හිරේට 

හෙරොයින් සම්බන්ධයෙන් වරදකාරියක වී බන්ධනාගාරගත කරන ලද කාන්තාවකගේ දරුවෙකු තම මව අවශ්‍ය බව පැවසීම හේතුවෙන් අදාල පියා මෝසමක් මඟින් දරුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කරන ලද සිය මවට ලබා දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් යු.එස් කලන්සුරිය මහතා නියෝග කරන ලදී. 

දෙදෙරු මවක් වන අදාල කාන්තාව හෙරොයින් මිලිග්‍රෑම් 400 ක් සමඟ පසුගිය දා ගාල්ල වංචාවල ප්‍රදේශයේ දී හබරාදුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. 

ඉන් පසු අදාල කාන්තාවගේ අවුරුදු දෙකයි මාස තුනක් වයසැති සිඟිති පුතු මව ඉල්ලා හඩන බව පවසමින් පියා විසින් මෙසේ අධිකරණයට මෝසමක් මඟින් ඉදිරිපත් කිර නීතිඥයෙකු මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කරණ ලදී.

අනතුරුව කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අදාල දරුවා මව භාරයේ බන්ධනාගාරය තුල තබන ලෙස පවසා ඇත.

ඉමදුව - ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)
Last modified on Friday, 10 October 2014 14:31