May 18, 2024

පාසලේ විරෝධයට දෙමව්පියන් මිනී පෙට්ටියක් ගෙනත්   

නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන විදුහල්පතිවරයාව මාරු කර යැවීමට අධ්‍යාපන සේවා කොමිෂන් සභාව ගෙන ඇති තීරණයට විරෝධය පල කිරීමේ විරෝධතාවයක් දෙවැනි දිනටත් අද (10) පැවැත්විණි.

නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වුණි.

නාත්තන්ඩි - මාරවිල මාර්ගය හරස් කරමින් පැවති මෙම විරෝධතාවයට මිනී පෙට්ටියක්ද දෙමව්පියන් විසින් රැගෙන විත් තිබුණි.

විරෝධතාවය හමුවට පැමිණි රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සම්පත් අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා කියා සිටියේ තමා මේ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් සමග සකච්ඡා කර අවශ්‍ය පිළියම් යොදන බවයි.

ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)
Last modified on Friday, 10 October 2014 13:44