May 18, 2024

නියෝජ්‍ය ඇමතිගේ කඩපෙළ ගිනි ගනී

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාට අයත් බව කියන වෙළදසැල් පෙළක් 9 වැනි දා  ගිනි ගෙන විනාශ වී ඇති බව දඹුල්ල පොලිසිය පවසයි.

මිට පෙරද මෙම වෙළදසැල් ගිනි ගෙන ඇති අතර ගින්න හටගත් ආකාරය මේ වන විටත් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් වෙළදසැල් හිමියන් පවසන්නේ මෙය  කඩාකප්පල් ක්‍රියාවක් බවයි .

සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැති අතර දඹුල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

(කාංචන කුමාර ආරියදාස )

 

Rate this item
(0 votes)