May 18, 2024

වවුනියාවේදී තවත් නාදුනන පහරදීමක් (PHOTOS)

වවුනියාව දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපති ක්‍රිෂ්ණපිල්ලේ දේවරාසා නැමැත්තාට රාත්‍රියේදී හදුනා නොගත් පිරිසක් විසින් නෙඩුන්කේණි ප්‍රදේශයේදී පහරදී ඇතැයි නෙඩුන්කේණි පොලීසිය ප්‍රකාශ කරයි.

දේවරාසා තම යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටියදී තවත් යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනෙකු තමන්ට එකවරම පහරදුන් බව ඔහු පවසයි.

පහරදුන් පිරිස ‘තමුසේ යළිත් සටන් ආරම්භ කිරීමටද සූදානම් වන්නේ.ජෙයකුමාරි නිදහස් කර ගැනීමට ඇති රුදාව කුමක්දැයි’ප්‍රශ්න කළ බවද දේවරාසා කියා සිටි.

පහරදුන් පිරිස එසේ කියන්නට හේතුව පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින්  මීට මාස ගණනකට පෙර කිළිනොච්චියේදී අත් අඩංගුවට ගත් ජෙයකුමාරී නැමති කාන්තාව නිදහස් කරණ මෙන් ඉල්ලා අද තම සංගමය උද්ඝෝෂණයක් පැවැත්වීමට ගත් තීරණය යැයි තමන් විශ්වාස කරණ බවද ඔහු පැවසයි.

දිනසේන රතුගමගේ - වවුනියාව

Rate this item
(0 votes)