July 01, 2024

චේ 'දිවිපුදා' අදට වසර 47යි

අසහාය විප්ලවවාදියකු මානව හිතවාදියකු වූ චේ ගෙවාරා බොලීවියානු සටන් බිමේදී දිවිපුදා අදට (08) වසර 47කි. සතුරු වෙඩි පහරින් චේ මරණයට පත්වීම එවකට බොහෝ දෙනෙකුට ඉතාම සංවේගජනක පුවතක් විය.
 
චේ යනු ස්පාඤ්ඤ භාෂාවෙන් අඹ යහළුවා යන අර්ථය දෙන පදයකි. කියුබානු රාජ්‍යයේ මුදල් ඇමතිවරයා ලෙස චේ යනුවෙන් මුදල් නෝට්ටුවල නිරහංකාරව චේ නමින් අත්සන යෙදූ මුත් තමන්ගේ රුව මුදල් නෝට්ටුවේ මුද්‍රණය කිරී‍මට වලිකෑවේ නැත. කියුබානු විප්ලවයෙන් පසු ලද තනතුරු සියල්ල අතහැර ලෝකයේ තවත් දේශයන්හි වෙසෙන දේශයන්හි ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වැදීමට චේ තීරණය කළේය. එසේ ගිය අතරතුර බොලීවියාවේදී චේ ගෙවාරා දිවි පිදූහ.
 
අදටත් ලොවට ආදර්ශය සපයමින් සමාජවාදයෙන් ජනතාවට නිදහස ලබාදී ඇති කියුබානු රාජ්‍ය චේ වැනි මිනිසුන් අතින් ගොඩ නැගුනු දේශයක්ය. එම දේශය චේ ගෙ‍වාරාගේ මතකය නැවත නැවත අලුත් කරමින් තිබේ.
 
සමාජවාදී තරුණ සංගමය විසින් හොරණ යහළකැලේදී අද (08) දින ප.ව. 3.00ට චේ සමරු උත්සවයක් සංවිධානය කර තිබේ. 
(උපුටා ගැනීම-ලංකා ට්රුත් )
Rate this item
(0 votes)