July 01, 2024

කොන්ඩම් ගන්න එපා - මෙන්න අළුතින් කොන්ඩම් කලිසමක් (Video)

උපත් පාලන ක්‍රමයක් ලෙස කොන්ඩම් භාවිතා කිරීමේදී ලිංගාශ්‍රිත රෝග බෝවීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් එම අවධානම මඟහරවා ගැනීමට හැකි නවතම ක්‍රමයක් හඳුන්වාදීමට අමෙරිකාවේ ව්‍යවසායකයන් දෙදෙනෙක් සමත් වී තිබේ.

සාමාන්‍ය කොන්ඩමයකින් ආවරණය වන්නේ පිරිමියෙකුගේ ජනනේද්‍රිය පමණක් වීම හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානමක් ඇති බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.

ඊට පිළියමක් ලෙස පිරිමියකුගේ සම්පූර්ණ යටිකය වැසෙන ආකාරයට කොන්ඩම් කලිසමක් නිපදවීමට මෙම ව්‍යවසායකයන් දෙදෙනා සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් මෙම කොන්ඩම් කලිසමෙන් ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග සහමුලින්ම වැළැක්වීමට හැකි බව තවම නිල වශයෙන් තහවුරු කර නොමැත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් - https://scroguard.com/ වෙබ් අඩවියෙන් දැනගන්න

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 October 2014 15:20