July 01, 2024

හිරුණිකා 'හෙළි නොකළ' රහසක් 'හෙළි කරයි' (Video)

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සිය පියාගේ ඝාතනය සම්බන්ධව හා තම දේශපාලන දිවියේ ප්‍රසිද්ධියේ හෙළි නොකළ කරුණක් අනාවරණ කළා ය.

ඇය මේ බව හෙළි කළේ ඊයේ (06) කොලොන්නාව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිළිරුව අභියස පැවැති මෙම ගුණානුස්මරණ උත්සවයට සහභාගීවෙමිනි.

“මම ඡන්දෙ ඉල්ලන්න යනකොට මට ගොඩක් අය කිවුවා. යන්න ගිහිල්ලා ප්‍රසන්න සභාපතිතුමාගෙන් උදව් ඉල්ලන්න කියලා. මොකද කොටිකාවත්ත මුල්ලේරියාව පැත්තේ ඡන්දෙ තියෙන්නේ එතුමාට. එතුමාට උදව් කරන්න පුළුවන් ඔයාට. අම්මා කිවුවා එපා යන්න. ප්‍රසන්න අයියාගේ බිරිඳට කරදර කරන්න ගිහිල්ලා, ගහලා, වදදීලා ඇයි ඒ දේ එහෙම වු‍ණේ කියලා අහන්න ගිහිල්ලයි තාත්තා ඝාතනය වුණේ. ඒ නිසා ඔයා යන්න එපා. එයයි හරිනම් නංගියේ මොකක්ද කෙරෙන්නෙ ඕන. මම නිසයි තාත්තට ඒ තත්තවය ඇති වුණේ. මම නිසයි ඔයාලගේ තාත්තව අහිමි වුණේ. ඒ හින්ද මම එන්නම් ඇවිත් උදව් කරන්නම් කියලා. මම අම්මට කීවා නෑ එයත් හිතන් ඇති අම්මේ අපි යනකම්. අපි එනවනම් විතරයි උදව් කරන්න කියලා හිතන්න ඇති කියලා “ යැයි මන්ත්‍රීවරිය සඳහන් කළාය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 October 2014 08:23