මේ වන විට ඊශ්‍රාල හමුදා පලස්තීන භූමි සීමාව ආක්‍රමණය කරමින් දැඩි විනාශකාරී ප්‍රහාරයක නියැලෙමින් සිටින මොහොතේ ශ්‍රී ලංකා - පලස්තීන සහයෝගීතා සංවිධාන වල නායකයින් මුනිවත රැකීම කැපී පෙනෙන්නකි.
ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු සහයෝගීතා කමිටුවේ සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන සුරේෂ් රාගවන් මහතාය. එහි ලේකම් ධුරය දරන්නේ සමගි ජන බලවේගය නියෝජනය කරන මුජිබර් රහුමාන් මහතාය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මීට කලකට පෙර මෙම කමිටුවේ සභාපතිත්වය දරන ලදී.
ශ්‍රී ලංකා - පලස්තීන මාධ්‍ය , තරුණ , ආගමික ආදී විවිධ අංශ වල සහයෝගීතා කමිටු තිබෙන අතර ඒ සියල්ලම එකතු කොට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා - පලස්තීන සහයෝගීතා කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බිමල් රත්නායක මහතාය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයක් සදහා ගොඩනැගිල්ලක් සෑදීමට කොළඹින් භූමියක්ද ලබා දෙන ලදී.
එහෙත් මේ වන විට ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර හමුවේ රජය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් කොට නොමැති අතර ඉහත සඳහන් සහයෝගිතා කමිටුද දැඩි නිහඬතාවයක් පෙන්නුම් කරයි.