මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (13) දින පස්වරු සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමන බවත්, ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
ඇද හැලුණු අධික වර්ෂාව ලක්ෂපාන ප්‍රදේශයට දැඩි බලපැමක් එල්ල කර ඇති බවත්, තවදුරටත් තද වැසි පතිත වුවහොත් ලක්ෂපාන ජලාශයේ සෙසු වාන් දොරටුවද විවෘත කිරිමට ඉඩ ඇති බවත්, ඒ තුලින් කැලණි ගගේ ජල මට්ටම ඉහල යා හැකි බව සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටින්නේය.
අධික වර්ෂාව පවතින විට නායයාමේ සහ කදු කඩා වැටිමේ අවධානම් සහිත ස්ථානවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසට නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.