April 30, 2024

යාපනයේ තාක්ෂණික විද්‍යාලය කොරෝනා ප්‍රතිකාර රෝහලක් කරයි

යාපනයේ වඩුකෝඩෙයි ප්‍රදේශයේ පිහිටා තිබූ තාක්ෂණික විද්‍යාලයක් කොරෝනා රෝගීන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇතැයි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

යුදහමුදාපතිවරයාගේ උපදෙස් පරිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යුද හමුදා නිලධාරීන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවා ඇත.

මේ අනුව වඩුකෝඩෙයි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් 200 කට ප්‍රතිකාර ලැබිය හැකි අයුරින් ඇඳන් 200ක ධාරිතාවකින් සකස් කොට ඇති අතර ඒ සඳහා පේදුරුතුඩුව සහ මන්තිකායි වෛද්‍ය කාර්ය මණඩලය විසින් රෝගීන් වෙනුවෙන් සහය ලබා දෙයි.

කොරෝනා රෝගීන් වෙනුවෙන් එය මේ වන විටත් සූදානම් කොට ඇති බවටද යාපනය ආරක්ෂක සේනා ආඤාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතා එහි සංචාරය කොට පරික්ෂා කිරීමෙන් පසු පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 14:19