අද පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා සබරගමුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ පඹහින්න ප්‍රදේශයේ මාර්ගය හරස් කරමින් සිසුන් විරෝධතාවයේ නිරත විය.
ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමට විරෝධය පළ කිරීමක් ලෙසිනි.
කලහකාරී ලෙස හැසිරුණු සිසුන් විසුරුවාහැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.
කෙසේ වෙතත් නේවාසිකාගාරයේ විවෘත කිරීමේ කටයුතු එස්.බි.දිසානායක අමාත්‍යවරයා විසින් සිදුකළ බවද වාර්තා වෙයි.