May 19, 2024

වටවල යළිත් සේවකයන් අගයයි

වටවල වැවිලි සමාගම තම ආයතනයේ සේවය කරන තරුණ වැවිලිකරුවන්ගේ බුද්ධිය විමසා බැලීම සඳහා වූ "y" Generation විවාද තරඟාවලිය පසුගිය දා හැට‍න් ඩී.එම්.සි.සි හිදී පැවැත්විණි.

ඒ සාර්ථක දෙවැනි වසරටය. 1985 වසරෙන් පසු ඉපදුන තරුණ  වැවිලිකරුවන් අතර මෙය පැවති අතර එහි මාතෘකාව වූයේ මානව සම්පත් කළමණාකරනය සඳහා වෘත්තිය සමිතිවල ඇති අවශ්‍යතාවයයි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ආචාර්ය ඩෑන් සිවරත්නම් මහතාය.

වටවල කලාපය හා ලිඳුල කලාපය අතර මෙම විවාද තරඟය පැවති අතර එම තරඟයෙන් ජය ගැනීමට වටවල කලාපයේ කණ්ඩායම සමත්විය. 

මෙම තරඟාවලියෙන් අනතුරුව වටවල වැවිලි සමාගම සඳහා සාර්ථකව ශ්‍රම දායකත්වය ලබා දෙන වතු ආශ්‍රිත සේවක සේවිකාවක් සඳහා තිළිණ සහ සහතික පත් පිරිනැමීමේ උත්සවයක්ද හැටන් හිදී පැවැත්විණ.

ශ්‍රී ලංකීය වැවිලි ක්ෂේත්‍ර යේ මුල් පෙළේ රැඳී සිටීම සඳහා යහපත් ශ්‍රම දායකත්වයක් ලබාදීමට දිරි ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණ විය.

 

 

Rate this item
(1 Vote)