May 19, 2024

ලංකාව සහ මැදපෙරදිගට කුඩු බෙදූ 'ඛාන්' ඉන්දියාවේදී හසු වෙයි

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවලට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙකු චෙන්නායි ගුවන්තොටුපෙළේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී අම්ජාත් ඛාන් (Amjad Khan) නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙළි වු තොරතුරු මතමෙම වැටලීම සිදුකර තිබේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කර තිබු ඉන්දීය රුපියල් කෝටියක වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මෙම සැකකරු රාමනාදපුරම්හි පදිංචිකරුවෙකු වන අතර ඔහු ශ්‍රී ලාංකික කාන්තාවක විවාහ කරගෙන ඇති බව ද සඳහන් වෙයි.
එමෙන්ම සැකකරු ශ්‍රී ලංකාවට අමතරව කුවේට් වෙත ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සිදුකර ඇති බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

Rate this item
(0 votes)