May 19, 2024

ඉන්දියාවට ධීවරයින් දෙයි - යාත්‍රා නොදෙයි

තලෙයි මන්නාරම සහ කන්කසන්තුර මුහුදු සීමාවල දී  ධීවරයින් පිරිසක් ඉන්දීය බලධාරීන් වෙත බාර දී ඇති අතර ඒ මෙරට අත්අඩංගුවේ සිට නිදහස ලැබු ඉන්දීය ධීවරයින් පිරිසක් බවයි සඳහන් වන්නේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ නිදහස ලැබු ඉන්දීය ධීවරයින් 76 දෙනා අවස්ථා කිහිපයකදී එරට බලධාරීන් වෙත බාරදුන් බවයි.

ඒ මෙරට අත්අඩංගුවේ පසුවු ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් නියෝගයකට අනුවයි. තවත් ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු මෙරට අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් ඉදිරියේ දී නිදහස් කිරීමට නියමිතය.

මීට අමතරව ඉන්දීය ධීවර යාත්‍රා 76ක් මෙරට බාරයේ ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Rate this item
(0 votes)