May 19, 2024

ලබන වසරේ මුල සිට ද්විත්ව පුරවැසිභාවය ලැබෙන ලකුණු

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අදාළ වැඩපිළිවෙළ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණදෙන ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජය මේ වන විටත් ආරම්භ කරඇති බවයි.

ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව විසින් සංවිධානය කළ හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳ අදහස් පළ කර ඇත.

එහිදි වැඩිදුරටත් කරුණු දැක්වු ජනාධිපතිවරයා සඳහක් කර ඇත්තේ  විදේශයන්හි සේවය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හිමි වන විශ්‍රාම වැටුප සියරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බවයි.

මේ අතර වතිකානුවේ නිල සංචාරයක නිරත වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ. අද උදෑසන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ලබන වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණෙන ලෙසට නිල වශයෙන් ආරාධනා කිරීමේ අරමුණින් පසුගිය දෙවැනිදා ජනාධිපතිවරයා මෙම සංචාරය ආරම්භ කළා.
 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 06 October 2014 13:52