May 19, 2024

ගායන ශිල්පියෙක් රිය අනතුරකින් මරුට

යතුරු පැදියක් අනතුරට ලක් වීමෙන් ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායන ශිල්පියෙකු මිය ගිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි. {module LOLC}

මෙසේ මිය ගොස් ඇත්තේ මහවැව පදිංචිව සිටි රාජිත රොඩ්නි (37) නම් වූ අයෙකි. ඔහු ‘රනා විත් ඕරා’නම් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියා ද වෙයි.

අද අළුයම විලත්තව මාදම්පේ මාර්ගයේ පුලියන්කාර ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ. තුවාලකරු හලාවත රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටත් මියගොස් ඇති අතර යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදු වී තිබේ.

‘පැරගන්’නැමැති සංගීත කණ්ඩායමෙන් සිය සංගීත දිවිය ඇරඹූ රාජිත රොඩ්නි වසර 11 ක කාල සීමාවක් ඉතාලියේ දී සංගීත කණ්ඩායමක් නියෝජනය කළ අයෙකි.

(ජූඩ් සමන්ත - පුත්තලම)

(සංගීත කණ්ඩායමේ වීඩියෝවක් පහතින්..)

 

Rate this item
(6 votes)
Last modified on Tuesday, 07 October 2014 10:44