May 03, 2024

එජාපය සුදර්ශණීගේ මතය සමඟ සිට ගනී

කොවිඩ් මර්දන සහ ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය වන සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ඉල්ලීමට පිටුපෑම මත වත්මන් අවාසනාවන්ත තත්ත්වය උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බැව් ප්‍රකාශ කොට තිබේ.

සිංහල - හින්දු අලුත් අවුරුදු සමයේ රට වහන ලෙස ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කර තිබූ බවත් ආණ්ඩුව එම ඉල්ලීම ඉටු කළේ නැති බව එහිදී මහ ලේකම්වරයා සඳහන් කොට තිබේ.

තමන්ද රටේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව මෙන්ම දේශපාලනික වශයෙන් පොදුජන පෙරමුන පාර්ශ්වයෙන් ලැබෙන සහයෝගය පිළිබඳව දැඩි කලකිරීමකින් සිටින බව එක්තරා යූටියුබ් චැනලයක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කොට තිබිණි.

මේ වන විට කොවිඩ් 19 වසංගත තත්ත්වය උග්‍ර අතට හැරී ඇති අතර දෛනිකව රෝගීන් 1000 කට වඩා වාර්තා වෙමින් තුන්වන රැල්ලක පෙර නිමිති පහළ කරමින් තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 24 July 2021 10:34