July 03, 2024

ක්‍රිස් නෝනිස්ට එරෙහිව පැමිණිල්ලක්-සජින්ගේ පිළිතුර මෙන්න(VIDEO)

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ට පහර දීමේ චෝදනාව සහ මහකොමසාරිස්වරයාට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්‍ෂෙනුකා සෙනෙවිරත්න ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කොට තිබේ.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සවස නිකුත් කොට තිබුණු නිවේදනයකයි, ඒ බව සඳහන් වෙන්නේ.මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ට එරෙහිවද පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව මින් පෙර අනාවරණය වී නොතිබුන අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ඉදිරිපත් කළ පැමිණිල්ලට ඇතුලත් චෝදනාව කවරක්ද යන්න නිවේදනයේ සඳහන් නොවේ.
 
(මේ පිළිබඳ සජින් වාස් මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුර පහතින් නරඹන්න) 
Rate this item
(0 votes)
Last modified on Saturday, 04 October 2014 03:55