July 03, 2024

රත්නපුරේ 'බට්ටී' පොලීසියෙන් කෝටි 5ක් ඉල්ලයි (VIDEO)

රත්නපුර බස් නැවතුම්පොළ ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුගේ ප්‍රහාරයට ලක්වූ කාන්තාව රුපියල් කෝටි 5ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තා වෙයි.

ඇය ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව අදාළ පෙත්සම ගොනු කරන බව යි.

පසුගියදා රත්නපුර බස්නැවතුම්පල ආසන්නයේදී පොලිස් නිලධාරියෙකු විසින් බිම පෙරලාගෙන පහර දෙන ලද කාන්තාවගේ තොරතුරු හෙළිවූ අතර ඇය වැඩි වශයෙන් රත්නපුර බස්නැවතුම්පොලේ ගැවසෙන මෙම කාන්තාව ‘බට්ටි’ ලෙස බොහෝ දෙනා හඳුන්වා තිබේ.

තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ එම කාන්තාව පැවසී ය.

රත්නපුර,කනාදොළ ප්‍රදේශයේ පදිංචි ඇය කියා සිටියේ දින කිහිපයකට ඉහතදී මෙම පොලිස් නිලධාරියා තමාට අයුතු ලෙස අනවශ්‍ය තැනකට යාමට යෝජනා කළ නමුත් තමන් විසින් එකී යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.

මෙම සිද්ධිය වූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී නමින් හදුන්වන කාන්තාව විසින් බැන වැදී ගලකින් ගැසීමට උත්සාහ ගෙන ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 October 2014 14:14