ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා පොලිස් මූලස්ථානය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇති බවයි.
ඒ නිසා මහතාගෙන් හිස් වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.