May 03, 2024

කොළඹට කිරි යාපනයට කැකිරි : නගර සභා කොටි නිල ඇඳුම ගැන පාර්ලිමේන්තුවත් උණුසුම් වෙයි

අද (09) දිනයේ දී දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා විසින් සමාජයේ දැඩි මතභේදාත්මක සිදුවීමකට තුඩු දී තිබෙන යාපනයේ නගරාධිපතිවරයා විසින් පත් කරන ලද කොටි සංවිධානයේ නව නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් සමන්විත ඒකකය පිළිබඳව අදහස් පළ කර සිටියේය.

එහිදී ඔහු කියා සිටියේ කොළඹ නගර සභාවේ ද නිල පාට නිල ඇඳුමකින් සැරසී සිටින පිරිසක් විසින් වාහන සඳහා ටිකට් කැඩීමේ නිරතව සිටින බවයි. යාපනයේ නගරාධිපතිවරයා වන විශ්වලිංගම් මණිවන්නන් විසින්ද මෙවැනිම නිල ඇඳුමක් ලබා දී තිබුණු බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එමෙන්ම ඔහු කියා සිටියේ “කොළඹට ආවොත් කිරි, යාපනයට කැකිරි” බවයි. එමෙන්ම යාපනයේ නගරාධිපතිවරයා නීතිඥයෙකු බවද ඔහු සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ යම් උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කතානායකවරයා කියා සිටියේ එම ගැටලුව පිළිබඳව වෙනම කතා කිරීම සඳහා යොදා ගන්නා ලෙසයි.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ “අපි දැක්කා කොහොමද උසාවි තිබුණේ උතුරේ කොහොමද පොලීසි ක්‍රියාත්මක වුණේ එල්.ටී.ටී.ඊ කාලේ කියන එක.. ඒ නිසා අපි නගරාධිපතිවරයෙකුට පොලිස් බලය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියන ඉතාමත් වගකීමෙන් කියනවා ආණ්ඩු වෙනුවෙන්” බවයි.

Rate this item
(0 votes)