පාර්ලිමේන්තු සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටුවන බව කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර දැනුම්දුන්නේය.
මේවන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් සභාව කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සභාව ඇමතීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.
මේ අතර හර්ෂ ද සිල්වා මහතා සිය මුහුනුපොතට වීඩියෝවක් එක්කරමින් එහි තත්ත්වය මෙලෙස පෙන්වා දෙන ලදී.
"මේකා මට ගහන්න කතා කරනවා." ෆොන්සේකා මහතා මෙසේ සඳහන් කළේය.
එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභා ගැබට පැමිණ තිබෙන බවද දක්නට ලැබුණි.