ගාලු පාරේ තිබී වයස අවුරුදු 22ක් පමණ වන මිය ගිය තරුණයෙකුගේ සිරුර සොයා ගැනීමට ගල්කිස්ස පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස මිය ගිය තරුණයාගේ සිරුර තිබී ඇත්තේ ගාලු පාරේ පිහිටි නිවසක් ඉදිරිපටය.
මිය ගිය තරුණයාගේ ගෙලෙහි කැපුම් තුවාල ඇති බව පොලීසිය විසින් මුලික පරික්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.
මේ වන විට එම තරුණයාගේ මෘත දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර එහිදී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.