July 03, 2024

Windows 08 සිට 10 වෙත පිම්මක් - මයික්‍රොසොෆ්ට් පළමු හෙළිදරව්ව (Video)

මයික්‍රොසොෆ්ට් සමාගමේ මීළඟ පරිගණක මෙහෙයුම් පද්ධතිය (OS) 'වින්ඩෝස් 10' (Windows 10) පිළිබඳ ප්‍රථම හෙළිදරව්ව එම සමාගම විසින් සිදුකර තිබේ.ඒ අනුව වින්ඩෝස් 09 ගැන සඳහනක් නොමැතිවම මෙලෙස 10 ගැන අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳව ඇතැම් විදෙස් මාධ්‍ය අදහස් දක්වමි සඳහන් කර තිබුණේ අංක 09 නපුරු ඉලක්කමක් ලෙස සලකන්නට මයික්‍රොසොෆ්ට් සමාගම පියවර ගෙන ඇති බවට සැක පළවන බවයි.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කර තිබූ 'ස්ටාර්ට් මෙනුව' (Start Menu) නැවතත් මෙම නවතම මෙහෙයුම් පද්ධතියේ අන්තර්ගත වීමද විශේෂත්වයකි.

එහිදී, මෙම මෙහෙයුම් පද්ධතියේ නම තරමක් පුදුම කරවන සුළු නමක් වන්නේ එය'වින්ඩෝස් 8' සිට කෙළින්ම 'වින්ඩෝස් 10' වෙත සිදුවූ පිම්මක් යන හැඟීම ඇතිකරන නිසා යැයි විශ්ලේෂකයන්ගේ අදහසයි.

මෙම මෙහෙයුම් පද්ධතිය විවිධ උපාංගවල ධාවනය වන ලෙස නිර්මාණය කර ඇති අතර, එයජංගම දුරකථන සිට ටැබ්ලට් පරිගණක දක්වාත්, පුද්ගල පරිගණකවල සිට එක්ස්බොක්ස් වීඩියෝ ක්‍රීඩා ධාවකයන් දක්වාත් මෙහෙයුම් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කරනු ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

ඉන් ඔබ්බට පරිශීලකයන්ට වඩාත් පහසුවක් ගෙනදෙන 'ඇප්ලිකේෂන්' රැසක් එහි ඇති බවත්, එයද ස්පර්ශක තිරයන්හි භාවිත කළ හැකි බවත් මයික්‍රොසොෆ්ට් සමාගමපෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 October 2014 11:54