May 17, 2024

කැමති නම් සිංහල දේහත් මෙහෙ භූමිදානය කරන්න පුළුවන් - එරාවුර් මවුලවි

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මියයන සිංහල ජාතිකයන්ද කැමතිනම් මඩකලපුව ඔට්ටමාවඩි තජුමාන් ගමේ භූමිදානය කිරීමට හැකි බව ශ්‍රී ලංකා තව්හිත් ජමාත් සංවිධානයේ එරාවුර්හි කාදර් මොහිදීන් මල්හරදීන් මවුලවිතුමන් සඳහන් කරයි.

සිංහල පමණක් නොව දෙමළ, කතෝලික ඕනෑම ජාතියක හෝ ආගමක කොවිඩ් හේතුවෙන් මියයන ඕනෑම කෙනෙකු භූමිදානය කිරීමට මෙම ගම්මානයේ ඉඩකඩ තිබෙන බවද මවුලවිවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කැමැත්ත පළ කොට තිබෙන බවද මවුලවිවරයා හෙළිදරව් කරයි.

මෙම ගම්මානය අවට නිරීක්ෂණ කටයුතු යුද හමුදාව විසින් කරන බවද පෙන්වා දෙන මවුලවිවරයා රජයේ නීති රීති වලට එරෙහිව කිසිදු දෙයක් සිදු නොවන බවද තහවුරු කරයි.

කොවිඩ් හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භූමදානය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව රජයට සිය කෘතඥතාවයද මවුලවිවරයා පළ කරයි.

මවුලවිවරයා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 March 2021 15:46