May 03, 2024

බලු කූඩුවක් රැගෙන යද්දි විදුලිසැර වැදීමෙන් තරුණයෙකු මරුට

කිලිනොච්චිය ක්‍රිෂ්ණ පුරම් ප්‍රදේශයේ පදිංචි කරුණයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බවට කිලිිනොචිචිය පොලීසිය පවසයි.

අදාල තරුණයා නිවසේ තිබූ සුනක කූඩුවක් වාහනයකට පැටවීමට ගත් උත්සහයකදී ඇද තිබූ විදුලි රැහනක් සුනක කූඩුවේ වහලයේ වැදීමෙන් විදුලිය කාන්දු වී සුනක කූඩුව ඔවමින් සිටි තරුණයාට විදුලි සැර වැදුනු බවට නිවැසියන් විසින් පොලීසියට පවසා තිබුණි.

විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ සිටි තරුණයා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගියේය.

මෙලෙස විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ ක්‍රිෂ්ණපුරම්හි පදිංචි 24 හැවිරිදි සුන්දරලිංගම් සදීස්වරන් නැමති තරුණයෙකු වන අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)