April 30, 2024

මම මහින්ද හම්බ වුනේ ඔහුගේ ඉල්ලීමකට මිස මගේ උවමනාවට නෙමෙයි - රනිල් වික්‍රමසිංහ

මීට ටික දිනකට පෙර තමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බෙන්තොටදී හමුවූයේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට හෙළිදරව් කර තිබේ.

තමාව මුණ ගැසීමට අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා කාලයක පටන් ඉල්ලීමක් කර තිබූ බවත් අනෙක් අයව පාර්ලිමේන්තුවේ දී මුණ ගැසිය හැකි මුත් තමාව එසේ මුණගැසීමට අවස්ථාවක් නොමැති හෙයින් බෙන්තොට දීමේ හමුව සිදු වූ බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එය සුහද හමුවක් බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයාද වන හෙයින් ආර්ථිකය ගැන කතා කළ බවද හෙළිදරව් කරයි.

Rate this item
(0 votes)