පෑලියගොඩ පොලීසිය තුළ පහර කෑමට ලක් වූ මිගාර ගුණරත්න මහතා ලබන මස නීති අවසන් විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි බව ඔහුගේ පියා වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.
මේ වන විට සිය පුත්‍රයාට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන බවද ගුණරත්න මහතා පෙන්වා දෙයි.
සිය පුත්‍රයාට වූ දෙය තවත් කෙනෙකුට සිදු නොවිය යුතු බව පෙන්වා දෙන ගුණරත්න මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ලබා දිය හැකි ඉහලම දඬුවම ලබාදීමට තමා කටයුතු කරන බවද ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
පහරකෑමට ලක් වූ පුත්‍රයා මෙන්ම වෘත්තියෙන් නීතිඥයකු වන තම අනිත් පුත්‍රයාද විනය ගරුක පුරවැසියන් බවත් ඔවුන් සමාජය තුළ කිසිවිටෙකත් ප්‍රශ්න ඇති කර ගත් පුද්ගලයින් නොවන බවත් ගුණරත්න මහතා අවධාරණය කරයි.
මෛත්‍රී ගුණරත්න මහතා මෙම අදහස් පළ කළේය සිය පුත්‍රයා වූ මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලීසියේ දී කළ පහරදීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.