May 01, 2024

පාස්කු කොමිසමේ වාර්තාවෙන් බෞද්ධ අධ්‍යාපනය ,බෞද්ධ පිරිමි පාසැල්, බෞද්ධ කාන්තා පාසැල් අහෝසි කිරීමට නිර්දේශ

February 24, 2021

පාස්කු ප්‍රහාර පිළිබද ජනාදිපති කොමිසමේ වාර්තාව ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිපත්කෙරුනා. නිල වශයෙන් නොවුනත් මෙම වාර්තාවේ අඩංගු ඇතැම් කරුණු මේ වන විට සමාජ ජාල වල සංසරණය වනවා . මෙහි ඇති නිර්දේශයන් අතර මෙතෙක් පැවැති බෞද්ධ ,ක්‍රිස්තියානි ,හින්දු ,මුස්ලිම් පාසල් වෙනුවට ජාතික හා පළාත් පාසල් ඇතිකිරීමත් ජාත්‍යන්තර පාසල් සැකසීමත් නිර්දෙස කර තිබෙනවා . මෙම සෑම පාසලකම සංයුතිය අනුව සෑම ආගමක්ම නියෝජනය වන අයුරින් ශිෂ්‍ය ජන ගහනයක් සිටීම නිර්දේශ කරනවා .
එසේම පවත්නා සියලුම පාසල් බෞද්ධ ,ක්‍රිස්තියානි ,හින්දු ,මුස්ලිම් යන ආගමික බෙදීම් වලින් නිදහස් කරන ලෙසද නිර්දේශයේ ඇතුලත්.

එහි තවත් නිර්දේශයක් වන්නේ සාම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ආගමික අධ්‍යාපනය යනුවෙන් නව විෂයයක් ඉගැන්විය යුතු බවයි.

Rate this item
(0 votes)