මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමුවැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කර ඇතැයිද කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති බැවින් ඊට විශේෂ විධිවිධාන සකසා ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.