May 22, 2024

ඉන්දීය ධීවරයින් යළි බන්ධනාගාරයට (PHOTOS)

September 25, 2014

තලෙයිමන්නාරම මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදි අත්අඩංගුවට ගෙන බන්ධාගාරගතව සිටි ඉන්දීය ධිවරයින් 36 දෙනෙකු නැවත එලැඹෙන 07 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නමි මහත්මිය නියෝග කර තිබේ.

මන්නාරම පොලිසිය පැවසුවේ තලෙයිමන්නාරම මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදි සැප්තැමිබර් 09 වැනිදා හා 11 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 36 දෙනෙකු එලෙස බන්ධනාගාර ගත කිරීමට මන්නාරම අධිකරණය නියෝග ලබාදුන් බවයි.

අදාළ ධිවරයින් තලෙයිමන්නාරම නාවික හමුදා නිළධාරීන් අත්අඩංගුවට ගෙන මන්නාරම ධිවර පරීක්ෂක කාර්යාලය හරහා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

(වන්නි - රොමේෂ් මධුෂංක)

තවත් ඡායාරූප පහළින්....

 

Rate this item
(0 votes)