May 22, 2024

ජනපති මහින්ද මහ සැසිය අමතමින් 'ජිනීවා විවේචනය කරයි'

ජිනීවා මානව හිමිකම් කොමිසම තවත් රාජ්‍ය නොවන සංවිධාන සමග ශ්‍රී ලංකාවට බලපෑම් සිදු කරන බවත් ඒ සඳහා සිය අප්‍රසාදය පළ කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ 69 වැනි සැසිවාරය සඳහා සහභාගීවීමට අමෙරිකාවේ නිව්යෝක් නුවර බලා ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) සමුළුව අමතමින් මේ  බව පැවසී ය.

{module LOLC}

ඇතැම් සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය භාවිතා කර ශ්‍රී ලංකාවට බාහිර බලපෑම් සිදු කරමින් දේශපාලන ප්‍රශ්ණ ගෙන එන බවත් එය තම රටේ සංවර්ධනයට බලපෑම් සිදු වන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට බලපෑම් සිදු කරමින් දිගින් දිගටම පහරදීම මගින් රටේ සමතුලිතභාවයට බලපාන  බවත් නවි පිල්ලේගේ කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොදුන්නේද රටේ සමතුලිතභාවයට හානි සිදු වන නිසා බවත් ජනාධිපතිවරයා පැවසී ය.

ඇතැම් රටවල පවතින තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු නොකරමින් මානව හිමිකම් චෝදනා එල්ල කිරිම කනගාටුවට කරුණක් බවත් සෘජුව හෝ වක‍්‍රව ත‍්‍රස්තවාදයට සහාය ලබා නොදෙන ලෙස ද එහිදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. 

Rate this item
(1 Vote)
Last modified on Friday, 26 September 2014 11:11