May 21, 2024

ගුරු දඩුවමින් සිහිසුන්වූ හතර වසරේ සිසුවාට කප්පම් චෝදනාවකුත් දාලා

September 25, 2014

අනුරාධපුර මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්‌ ගුරුවරියකගේ පහර දීම හේතුවෙන් මිහින්තලේ රජයේ රෝහලේ ළමා වාට්‌ටුවට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටියි.

රසිඳු ප්‍රසාද් නමැති සිසුවාමෙලෙස පහර කෑමකට ලක්‌ව ඇත. අනුරාධපුර මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවාගේ හිසට ගුරුවරියක පහරදීම හේතුවෙන් ක්‌ලාන්තය හා වමනය ඇති වී 22වැනිදා සවස රෝහල් ගත කළ බව ඔහුගේ මවවන අයි. ඉන්ද්‍රානි විඡේනායක (40) මහත්මිය පැවසුවාය.

පාසලේ වැසිකිළිය අසල පසුගිය 22 වැනි සඳුදා රැඳී සිටින විට පැමිණි පළමුවැනි වසරේ ගුරුවරියක්‌ එම ස්‌ථානයේ රැඳි සිටින්නේ මන්දැයි විමසූ විට මෙම සිසුවා සහතවත් සිසුන් තිදෙනකු පංති කාමරයට දිව ආ අවස්‌ථාවේ ඔහු බිම ඇදවැටී තොල්පටපැලී ලේ වහනය වී තිබේ. ඒ අවස්‌ථාවේදී ගුරුවරිය පසුපසින් ලුහුබැද පැමිණදරුවාට ප්‍රතිකාර ලබාදෙනවා වෙනුවට කන මිරිකා පිටට පහරදී තිබෙන බව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ මිහින්තලය නාගරික සංවර්ධන නිවාස, අංක 08, දකුණු විදුලි මාවත, අඹතලාගම ලිපිනයේ පදිංචි තුවාල ලැබූ සිසුවාගේ මව වන අයි.ඉන්ද්‍රානි (40) මහත්මිය කියා සිටියාය. දරුවා තුවාල ලැබූ පසු මෙම ගුරුවරිය දරුවාගේ කන මිරිකා පහර දී තිබෙනවා. මගේ දරුවාගේ හිසට පසුගිය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පාසලේදී ශබ්ද විකාශන යන්ත්‍රයක්‌ ඇද වැටීම නිසාහානි සිදුවී තිබෙනවා. පාසලේදී යම් අනතුරකට මුහුණ පෑවහොත් විදුහල්පතිවරයාට දන්වන ලෙස දැනුම් දී තිබෙනවා.
ඒඅනුව පුතා විදුහල්පතිවරයා හමුවීමට අනෙක්‌ ළමුන් සමඟ කාර්යාලයට ගොස්‌ වැටුණු අවස්‌ථාවේදී ගුරුවරියක්‌ තමන්ට පහර දුන් බව පවසා තිබෙනවා. ඒ අවස්‌ථාවේ කාර්යාලයේ සිටි ගුරුවරුන් පිරිසට වඳින ලෙසත්, මෙය ගෙදර ගොස්‌ මවට ප්‍රකාශ නොකරන ලෙස දිවුරන ලෙසත් පවසා තිබෙනවා. දරුවාට මාස ගණනාවක්‌ තිස්‌සේ පාසලෙන් විවිධ අසාධාරණකම් වෙනවා.

පාසලේ පැවැත්වෙන අමතර ශිෂ්‍යත්ව පංතිවලට දරුවා සහභාගී කරගන්නේ නැහැ. සෑම විෂයකටම ලකුණු 90කට වඩා ගත් මගේ දරුවා මේ වන විට එක්‌ විෂයකට ලබා ගන්නා ලකුණු මට්‌ටම 60දක්‌වා පහළ බැස තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඒ. එච්.කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මෙම සිසුවා අවස්‌ථා ගණනාවකදීම පාසලේ දරුවන් බිය ගන්වමින් කප්පම් මුදල් ලබාගන්නා බවයි. එවැනි පැමිණිලි ලැබුණ විට ගුරුවරුන් විසින් අවවාද ලබාදුන්නත් මෙම දරුවා එමඋපදෙස්‌ පිළි නොපදින බවද විදුහල්පතිවරයා සඳහන් කළේය. පසුගිය 22 වනදාත් සිසුවා තවත් සිසුවකුගෙන් කප්පම් මුදලක්‌ ලබාගත් අවස්‌ථාවේ ගුරුවරයෙකු තරවටුකර තිබෙන බව ඔහු පැවසුවේය. දෙමාපියන් කියන අයුරින් දරුවාට පාසල තුළදී අඩම්තේට්‌ටම් සිදු නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

(උපුටා ගැනීම දිවයින)

 

Rate this item
(0 votes)