May 22, 2024

මියගිය අයටත් විශ්‍රාම වැටුප් දීලා

September 25, 2014

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මියගිය විශ්‍රාමිකයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවා ඇති බවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනගැනීමට හැකි වූ නිසා එවැනි මූල්‍ය වංචා පිළිබඳ පුළුල් පරීක්ෂණ මේ වනවිට සිදු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම පරීක්ෂණවලින් පසු වැඩි මුදලක් ඉතුරු කර ගැනීමට හැකියාවක් පවතින බවත් විශ්‍රාම වැටුප් ගෙවීමේ පමාවට හේතුව විශ්‍රාම ලබන අයගේ ලිපිගොනු යාවත්කාලීන කිරීමට ඇති ප්‍රමාදය බවත් අමාත්‍යවරයා පෙන්වා දේ.

ප්‍රදේශ කිහිපයක, ආයතන කිහිපයක රාජකාරී කර ඇති අයගේ ලිපිගොනු සකස් කිරීමේදී ප්‍රමාදයක් සිදු වන බවත් මේ තත්ත්වය වළක්වා ගනිමින් ඉතා ඉක්මනින් විශ්‍රාම වැටුප ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

 

Rate this item
(0 votes)