May 22, 2024

ඉන්දීය අගමැති මෝදි - ඔබාමාගේ කෑමවත් කන්නේ නෑ

September 25, 2014
එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීම සඳහා මේ සතියේ ඇමරිකාව බලා යන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සඳුදා රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකාවේ ධවල මන්දිරයේදී ජනාධිපති ඔබාමා විසින් පැවැත්වීමට නියමිත රාත්‍රි භෝජන සංග්‍රහයේදී ආහාර අනුභව නොකර සිටීමට තීරණය කර ඇත. මෙය ධවල මන්දිරයේ සේවක පිරිස්‌ අතර දැන් ආන්දෝලනාත්මක පුවතක්‌ වී ඇති අතර එහි වසර 12 ක්‌ එක දිගටම සේවය කළ ප්‍රධාන සූපවේදීයා වූ වෝල්ටර් ෂෙබ් පවසා සිටින්නේ මෙතෙක්‌ මෙවැනි තීරණයක්‌ කිසිම රාජ්‍ය නායකයකු විසින් ගෙන නැති බවය.
 
උග්‍ර හින්දු භක්‌තිකයකු වන ඉන්දීය අගමැතිවරයා එම රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්වීමට නියමිත ලබන සඳුදා වන විට "නව රාත්‍රි" නම් දින නවයේ උපවාසය ආරම්භ කරන බැවින් එසේ ආහාර නොගෙන සිටීමට තීරණය කර ඇති බව තවත් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
දුර්ගා දෙවඟන අදහන්නා වූ මෝදි මස්‌ මාංශ අනුභව නොකරන, මත්පැන් පානය නොකරන පුද්ගලයකු වී සිටින්නේ 1970 වර්ෂයේ සිටය.
 
නව රාත්‍රි නම් නවදින උපවාස සමයේදී සමහරුන් ආහාර ගන්නේ දවසකට එක්‌ වරකි. සමහරුන් ඒ සමයේ පානය කරන්නේ වතුර පමණි. සමහරු කන්නේ පලතුරු පමණි. සමහරුන් රට ලූනු, රතු ලූනු පමණක්‌ නොව සුදු ලූනු පවා කෑමෙන් එම දින නවයේ වැළකී සිටිති.
 
කෙසේ වෙතත් මේ සියල්ල දැන් ධවල මන්දිරයට ප්‍රශ්නයක්‌ වී ඇති අතර රාජ්‍ය නායකයන් විසින් ඉල්ලනු ලබන ඕනෑම ආහාර වර්ගයක්‌ සකස්‌ කර දීමට ඔවුහු සූදානමින් සිටිති.
Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 September 2014 09:28