May 16, 2024

“ඇත්තටම පණ ගැහි ගැහී හිටියේ“ - රැස්වීම නිසා ගීතා කුමාරසිංහ බයවෙලා

February 19, 2021

කොවිඩ් නයින්ටීන් මර්දන එන්තන තමාද එන්නත් කරගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

කොවිඩ් නයින්ටීන් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත ලබාදීම නාරහේන්පිට යුද හමුදා රෝහලේදී ඊයේත් (18) සිදුකෙරුණි.

එන්නත ලබා ගැනීමෙන් පසු මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කරමින් පවසා සිටියේ, මහජන නියෝජිතයින් ලෙස එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආචාර්ය ගුණපාල රත්නසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ යන ඊයේ දිනයේ දී කොවිඩ් එන්නත ලබා ගෙන තිබුණි.

එහිදී මාධ්‍ය අදහස් දැක්වු ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ පැවසීය,

“ඉන්ජක්ෂන් එක ගැහුවා. ඊයේ අපේ මීටින් එක තිබ්බා. සම්බන්ධීකරණ කමිටුවට ගොඩාක් සෙනඟ ඇවිත් තිබුණා. ඇත්තටම පණ ගැහි ගැහී හිටියේ. මම හිතන්නේ ඇත්තටම මේක හොඳයි. අද සියලු මන්ත්‍රීවරු ආවා. සමහර අය නිර්දය ලෙස ඒකත් විවේචනය කරනවා. මං හිතන්නේ මේ රෝගය මර්දනය කර ගන්න පුළුවන් එකම විදිය තමයි ඉන්ජක්ෂන් එක.“

Rate this item
(0 votes)

Related items