May 06, 2024

පුළුවන් තරම් ඉක්මණට කොවිඩ් එන්නත ජනතාවට දෙන්න - වෛද්‍ය හරිත අලුත්ගේ

February 02, 2021

කොවිඩ් 19 එන්නතෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබීම සඳහා දෙවන මාත්‍රාවත් ලබා දී සති දෙක තුනක් යන හෙයින් සමාජය තුළ ස්ථාවරභාවයක් ඇතිකිරීම සඳහා හැකි ඉක්මණින් ජනතාවටත් එන්නත ලබා දීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක හරිත අළුත්ගේ මහතා පැවසුවේ එන්නත ලබා දීමෙන් පසු වුවද 20%ක පමණ රෝගය වැළඳීමේ අවදානමක් පැවතියද රෝගය දරුණු නොවන අතර සංකූලතා ඇති වීමට තිබෙන ඉඩ ඉතාම අවම වන අතර මරණ සිදුවීමට තිබෙන ඉඩ ඉතාම අවම බවය.

කොවිඩ් රෝගයේ තිබෙන මරණ හා සංකූලතා ඉවත් කරගැනීමට හැකි වුවහොත් ඉතිරි වන්නේ හෙම්බිරිස්සාව,කැස්ස වන හෙයින් එම තත්ත්වයට ගෙන එම සඳහා කඩිනමින් ජනතාවටත් එන්නත ලබා දීමට කාර්යක්ෂම විය යුතු බව අළුත්ගේ මහතා කියාසිටියේය. 

ෆයිසර් සහ මොඩර්නා යන එන්නත්වලට වඩා ශ්‍රී ලංකාව තුළ භාවිතා  වන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු අබාධ ඉතාම අවම මට්ටමක පවතින හෙයින් අපගේ තෝරා ගැනීම නිවැරදි බවද අළුත්ගේ මහතා සඳහන් කරන ලදී. 

විශේෂයෙන් මේ මොහොතේ කොවිඩ් 19 වෛරසය ආසදනය වී තිබෙන අයට එන්නත ලබා නොදෙන අතර රෝගය වැළඳී සුවය ලබා සති දෙකක වගේ කාලයක් ඉක්මවා ගිය පසු එන්නත ලබා ගැනීමේ ප්‍රශ්නයක් නැති බවද ඔහු කියා සිටි අතර දීර්ඝ කාලීන රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබන අයටද මෙම එන්නත ලබා දිය හැකියි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල සඳහන් වන බවද හෙතෙම පැවසුවේය. 

Rate this item
(0 votes)