April 30, 2024

මම රාජපක්ෂලාගේ ගොට්ටෙක් නෙමෙයි - ස්වාධීන පුද්ගලයෙක් : මගේ ජයග්‍රහණය ස්ථිරයි (VIDEO)

නීතිඥ සංගමයේ මීළඟ සභාපතිවරයා තමා බවත් එය වැලැක්වීමට කිසිවකුටත් නොහැකි බව නීතිඥ සංගම් නිලවරණයේ ප්‍රධාන අපේක්ෂක ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ප්‍රකාශ කරයි.

තමන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද පෙන්වා දෙන සොයිසා මහතා තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ මහින්ද රාජපක්ෂගේ මිනිහෙක් නොවන බව ද අවධාරණය කරයි.

එහෙත් තමාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා විවිධ දේශපාලන කඳවුරු නියෝජනය කරන බව ද සොයිසා මහතා සඳහන් කරයි.

තමා නීතිඥ සංගම් නිලවරණයට ඉදිරිපත් වන්නේ බහුතරයකගේ කැමැත්ත මත බව සොයිසා මහතා පෙන්වා දෙයි.

සොයිසා මහතා මෙම අදහස් පළ කළේ යූටියුබ් චැනලයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)